Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, භික්ෂූන් වහන්සේනමකගෙන් ලක්ෂ 20ක් ණයට අරගෙන පොලු තියලා

සිංහල ජාතිය කේන්ද්‍ර කරගනිමින් බිහි වූ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් කලෙක පාර්ලිමේන්තුවට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු  මන්ත්‍රිවරයකුට  මැතිවරණ  සමයේදී රුපියල් ලක්ෂ විස්සක මුදලක් ණයක් ලෙස දී තිබිණි.

මැතිවරණයෙන් පසු මෙම ණය මුදල දෙන බව පැවසූවත්  මෙතෙක් ණය නොදීම ගැන හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රි ස්වාමීන්වහන්සේ දෝෂාරෝපණ එල්ල කර ඇත.

ස්වාමීන්වහන්සේගෙන් මුදල් ගෙන තිබූ මාලිමා  මන්ත්‍රිවරයා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය  කරන්නෙකි.. තමාගෙන් ගත් මුදල් ආපසු නොදෙන්නේ  නම්  මන්ත්‍රිවරයාගේ  නිවස ඉදිරිපිට උපවාස කරන බව මෙම භික්ෂුව මන්ත්‍රිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

එක දිගටම ලෙඩ වැටී ඇති මෙම මන්ත්‍රිවරයා , මේ හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බවද වාර්තාවෙයි.

Related posts

US-SL discuss economic growth

Mohamed Dilsad

මාලදිවයිනේ රැඳී සිටි 178 ක් දිවයිනට

Mohamed Dilsad

ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට තවත් ගුවන් යානයක් ලන්ඩනයට

Mohamed Dilsad

Leave a Comment