Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් ට නඩු දාන්න සාක්ෂි නෑ..! | නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉල්ලා අස්වෙයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ කළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර දැඩි මතභේදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙම මතභේදය හේතුවෙන් විමර්ශන අධීක්ෂණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (DSG) වසන්ත පෙරේරා මහතා සිය වගකීම්වලින් ඉල්ලා අස්වී ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

විමර්ශන වාර්තා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට හෝ ඔහුගේ හිටපු ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර නොමැති බවයි.

වික්‍රමසිංහ මහතා කියුබාවේ සිට නිව්යෝර්ක් හරහා මෙරටට පැමිණීමේදී ලන්ඩනයේ නවාතැන් ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්, විශ්වවිද්‍යාලයකින් ආරාධනයක් ලැබුණත් නැතත් ඔහුට එම නගරය හරහා ගමන් කිරීමට සිදුවන බවත් ඔහු සිය පිටු 6ක වාර්තාව මගින් නීතිපතිවරයාට දන්වා ඇත.

එසේම, CID කණ්ඩායම නිසි නීතිමය අවසරයකින් (MLA) තොරව එංගලන්තයට යාම නිසා සාක්ෂි ලබාගැනීමේදී දුර්වලතා මතු වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මීට හාත්පසින්ම වෙනස් මතයක් ඉදිරිපත් කර තිබේ. පවතින සාක්ෂි මත හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි බව ඔහුගේ ස්ථාවරයයි. CID විමර්ශකයන් ද මෙම මතයට සහය ලබා දී ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරන ලද තවත් පිටු 11ක වාර්තාවක් මගින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ද නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

මේ අතර, CID කණ්ඩායම එංගලන්තයේ කළ වැඩිදුර විමර්ශනවල සාරාංශ වාර්තා ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ද වාර්තා වේ.

මූලාශ්‍රය – Sunday Times

Related posts

“New Government this year; UNP is not led by its leader,” President says

Mohamed Dilsad

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමක්

Mohamed Dilsad

ඉරානයෙන් තෙල් නිධියක් සොයාගනී

Mohamed Dilsad

Leave a Comment