Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාවෙන්, සිරියාවට දැඩි ප්‍රහාර

සිරියාවේ පල්මයිරා නුවරදී ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් භාෂා පරිවර්තකයෙකු මියගිය සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදාව සිරියාව පුරා විසිරී ඇති ISIL ඉළක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

Operation Hawkeye Strike ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම යටතේ සිරියාව පුරා ඇති ඉළක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම ඒකකය තහවුරු කළේය.

මෙම ප්‍රහාරයන්ගෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත වාර්තාවක් නිකුත් වී නොමැති වුවද, ග්‍රාමීය ප්‍රදේශවල සිදුවූ ප්‍රබල පිපිරීම් කිහිපයක දර්ශන ප්‍රසිද්ධ කර ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු මධ්‍යම ඒකකය සඳහන් කළේ, “අපගේ රණවිරුවන්ට හානි කරන ඕනෑම අයෙකු ලෝකයේ කොතැනක සැඟවී සිටියත් ඔවුන් සොයාගෙන මරා දමන” බවයි.

පල්මයිරා නුවරදී එල්ල වූ එම මාරාන්තික ප්‍රහාරය තනි තුවක්කුකරුවෙකු විසින් සිදුකර ඇති අතර, ඔහු සිරියානු ආරක්ෂක අංශවල සාමාජිකයෙකු බවටත්, ඔහුගේ දැඩි මතධාරී අදහස් නිසා ඔහුව සේවයෙන් නෙරපා හැරීමට නියමිතව තිබූ අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

මීට පෙර ඇමරිකාව සිරියාව තුළ අයිඑස්අයිඑල් සංවිධානයට එරෙහිව සටන් කිරීම සඳහා කුර්දි සටන්කාමීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළද, 2024 දෙසැම්බර් මාසයේදී බෂාර් අල්-අසාද් බලයෙන් පහවීමෙන් පසු වොෂින්ටනය දැන් ඩැමස්කස් හි මධ්‍යම රජය සමඟ සම්බන්ධීකරණය වැඩි කර ඇත.

සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා පසුගිය වසරේ ධවල මන්දිරයේ සංචාරයක නිරත වීමෙන් පසුව, සිරියාව ද අයිඑස්අයිඑල් විරෝධී ගෝලීය සන්ධානයට නිල වශයෙන් එක් විය.

දැනට සිරියාව තුළ ඇමරිකානු සෙබළුන් 1,000ක් පමණ රැඳී සිටින අතර, ඉදිරි කාලයේදී මෙම සංඛ්‍යාව තවදුරටත් අඩු කර සිරියාවේ ඇති ඇමරිකානු කඳවුරු ප්‍රමාණය එකක් දක්වා සීමා කිරීමට 

Related posts

ஆர்ப்பாட்டத்தை கைவிட போவதில்லை – ஜனநாயக ஆதரவு போராட்டக்காரர்கள்

Mohamed Dilsad

ஆப்கானிஸ்தான் ராணுவத்தின் வான்வழி தாக்குதலில் பலர் பலி

Mohamed Dilsad

சிறைகூடத்திலிருந்த கனவனுக்கு கஞ்சா கொண்டு சென்ற மனைவி கைது வீட்டிலிருந்து மிருக வேட்டையாடும் குண்டுகளும் மீட்பு

Mohamed Dilsad

Leave a Comment