Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රදේශීය ලේකම්වරියක් තම විවාහ සහතිකය කූඨ ලෙස වෙනස් කරගෙන

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දැනට සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරියක ඇගේ විවාහය සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි. 

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එම්. නිශාන්ත මහතාගෙන් ලද මෙම  පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ විමර්ශනය අරඹා කර තිබේ .චෝදනාවට ලක්ව ඇති ප්‍රාදේශීය ලේකම්වරිය රත්නපුර දිස්ත්‍රික්කයේම උපන් තැනැත්තියකි.

ඇය  2014 වර්ෂයේ ජූලි මාසයේ යුදහමුවේ මාණ්ඩලික නිලධාරියකු සමග විවාහ වී තිබේ. විවාහයෙන් මාස දහයකට පසු 2015 පෙබරවාරි මාසයේ දි සැමියා මියගොස් තිබේ. සැමියා මියයෑමෙන් මාස අටකට පමණ පසු, මියගිය තම සැමියාගේ රාජකාරී සහායකයා (බඩී) වු හමුදා සෙබළා සමග, එම තැනැත්තිය දෙවනවරට විවාහ වී තිබේ.

.ඒ වනවිට වැන්දඹුවකවු ඇය දෙවන විවාහ සහතිකයේ සිවිල් තත්ත්වය ලෙස දක්වා ඇත්තේ “ අවිවාහක” ලෙසය.

දෙවන විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටින අතර පියා ලෙස උප්පැන්න සහතිකවලට යොදා ඇත්තේ මියගිය පළමු සැමියාගේ නමය.

පසුව 2018දී ඇගේ දෙවන සැමියා වු හමුදා සෙබළා සිය නම චෝදනාවට ලක්ව ඇති ප්‍රාදේශීය ලෙකම්වරියගේ පළමු සැමියාගේ වාසගම හා නම ලෙස භාවිතකරන බවට වෙනස් කර ඇත.

එය ඔහුගේ උප්පැන්න සහතිකයේ 13වන කොටසෙන් දෙවන වරට වෙනස් කර තිබීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමුව ඇත.

මූලාශ්‍රය ලංකාදීප

Related posts

Taylor Swift dons red floral dress on NYC premiere of ‘Cats

Mohamed Dilsad

පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළියක්

Mohamed Dilsad

The draft bill of the 20th amendment presented to Parliament

Mohamed Dilsad

Leave a Comment