Trending Newsඑසැන පුවත්දේශීය

මොඩියුලයට සමලිංගික ලින්ක් දැම්ම කෙනා හෙළිවෙයි….!?..

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය ඒකකයට මතභේදාත්මක වෙබ් අඩවියක් එක්වීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ තොරතුරු ඇතුළත් වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා වෙත බාර දී ඇත.

මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය තුළම පත්කළ තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින් මෙම වාර්තාව සම්පාදනය කර ඇත.

අදාළ විමර්ශන කමිටුව පත් කරනු ලැබුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් තාවකාලිකව ඉවත් වී සිටින මහාචාර්ය මංජුලා විදානපතිරණ විසිනි. 

ඒ, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද නියෝගයකට අනුවය.

අදාළ වෙබ් අඩවිය පෙළපොත් මොඩියුලයට ඇතුළත් වීමට බලපෑ හේතු සාධක සහ ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳ සියලු විස්තර මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Related posts

பாடசாலை மாணவர்களுக்கு போதைவஸ்து விற்பனை செய்தவர் கிளிநொச்சியில் கைது

Mohamed Dilsad

இலங்கை கிரிக்கட் தேர்தல் 02 வாரங்களுக்கு பிற்போடப்பட்டது

Mohamed Dilsad

Rathgama Abduction: Residents block road to protest missing businessmen’s death

Mohamed Dilsad

Leave a Comment