Trending Newsඑසැන පුවත්දේශීය

සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ පොලිස් නිලධාරිනියක් අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදුකරනු ලැබු විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වෙල්ලාවේලි පොලීසියට අනුයුක්තව රාජකාරි කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරී පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අවසරය ලබාගැනීම සඳහා වු නිර්දේශ ලබාදීමට අදාළ කටයුතු සිදුකරදීමට අවස්ථා කිහිපයකදී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය රු 72,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරීවරයෙකු අද (05) උදේ 10.50ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඉහත විමර්ශනයට අදාළව අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන කාන්තා පොලිස් සැරයන්වරියෙකු අද සවස 3ට පමණ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නුවරඑළිය හා කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර වලංගු කාළය තවත් මාස 6 කින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

එකම දිනයක යුවළ 20ක් යුග දිවියට – රිෂාඩ් බදියුදීන්ගෙන් සමාජ සත්කාරයක්

Editor O

Leave a Comment