ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වී තිබේ.
6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙසේ සිය තනතුරෙන් තාවකාලිකව ඉවත්වී ඇත.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ලබාදුන් උපදෙස් අනුව මහාචාර්ය මංජුලා විතානපතිරණ මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්.
