Trending Newsඑසැන පුවත්දේශීය

මිනුවන්ගොඩ සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි

මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ ජාතික ජන බලවේගයේ අසේල වික්‍රමාරච්චි එම තනතුරෙන් ඉවත් වන බව අද (31) පැවති මහා සභා රැස්වීමේදී ප්‍රකාශ කළේය.

තමා මෙම තීරණය ගනු ලැබුවේ ස්වකීය කැමැත්ත මත මිස කිසිදු පාර්ශවයක බලපෑමක් නිසා නොවන බවත්, මාස හයක කෙටි සේවා කාලයකින් පසු තමා මෙලෙස සමුගන්නා බවත් ඔහු පැවසීය.

තම ඉල්ලා අස්වීම පිළිබඳව ජාතික ජන බලවේගය වෙත ද මේ වන විටත් නිල වශයෙන් කරුණු වාර්තා කර ඇති බව වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

ACMC warns organised vote buying planned against Sajith Premadasa

Mohamed Dilsad

லோட்டஸ் சுற்று வட்ட வீதிக்கு பூட்டு

Mohamed Dilsad

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment