Trending Newsඑසැන පුවත්දේශීය

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොතේ නොහොබිනා කරුණු ඇතුළත් පොතට අදාළව ගරුවරුන්ට පුහුණු වැඩසටහනුත් පවත්වලා

ජාතික අධ්‍යාපන ආයතනය මගින් 2025 වසරේ ප්‍රකාශයට පත් කර ඇති 6 ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි භාෂා පළමු වාරයේ ඉගෙනුම් මොඩියුලය මගින් මෙරට දණ්ඩ නීති සංග්‍රහය හා ජාතික ළමා ආරක්ෂක පනතේ විධිවිධාන උල්ලංඝනය වන බවට ‘Free Lawyers’ සංවිධානය පොලිස්පතිවරයා වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල මගින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ මොඩියුලයෙහි අඩංගු කරුණු සහ ක්‍රියාකාරකම් මගින් වයස අවුරුදු 11-12 වයස් සීමාවේ පසුවන දරුවන්ට සමලිංගික සහකරුවන් සොයා ගැනීමට ඉගැන්වීම සහ ඒ සඳහා අනුබල දීමක් සිදුවන බවයි.

මෙම පොතෙහි අන්තර්ගතය දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ විධිවිධාන සංග්‍රහය, අසභ්‍ය ප්‍රකාශන පනත සහ 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ විධිවිධාන උල්ලංඝනය කරන බව එම සංවිධානය නිරීක්ෂණය කරයි.

ජාතික අධ්‍යාපන කොමිසම හා අධ්‍යාපන අමාත්‍යාංශය වැනි වගකිවයුතු ආයතනවල අනුදැනුමකින් තොරව මෙවැනි මොඩියුලයක් සකස් කර බෙදා හැරීමට නොහැකි බැවින්, මෙය අත්වැරැද්දක් නොවන බව පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පොත දැනටමත් දිවයින පුරා ගුරුවරුන් වෙත බෙදා හැර ඇති අතර, කලාප මට්ටමින් පුහුණු වැඩසටහන් පවත්වා 2026 ජනවාරි 5 දින සිට පාසල් තුළ ඉගැන්වීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් ලිංගිකත්වය ප්‍රවර්ධනයට රුකුල් දෙන ක්‍රියාකාරකම්වල නිරත වන බවට ද මෙහිදී චෝදනා එල්ල කර ඇත.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මෙම මොඩියුලය රචනය, මුද්‍රණය සහ බෙදා හැරීම හරහා කිසියම් වරදක් සිදුව ඇත්දැයි සොයා බලා ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

Related posts

President launches ‘Parisaraya Pujaniyai’ program

Mohamed Dilsad

473 illicit liquor related complaints within a week – Police

Mohamed Dilsad

Minister Rishad Bathiudeen led fourth APTA successfully concludes in Bangkok

Mohamed Dilsad

Leave a Comment