බඩඉරිඟු, එළවළු සහ වෙනත් බෝග වගා සඳහා රජය දෙන රුපියල් කෝටි 38.1කට අධික විශේෂ සහනාධාර මුදල එම ගොවීන්ට දී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරනවා.
මේ මුදල ගොවීන් 11,081ගේ බැංකු ගිණුම් වෙත මේ වන විට බැර කර තිබෙනවා.
මේ යටතේ බඩ ඉරිඟු ගොවීන් 365 දෙනකුට රුපියල් 14,423,125ක් ද, එළවළු ගොවීන් 9668 දෙනකුට රුපියල් 330,750,816ක් ද විශේෂ සහනාධාරය වශයෙන් එම ගොවි ගිණුම් වෙත යොමු කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
හානියට පත්වූ බඩඉරිඟු එළවළු සහ වෙනත් බෝග වගා සඳහා සියලුම පළාත් ආවරණය වන පරිදි මේ විශේෂ සහනාධාරය පිරිනැමීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
