පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ භූකම්පනයක් හටගෙන ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත.
මෙම භූකම්පනය සිදුව ඇත්තේ භූමියෙන් කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් බවද සඳහන්.
භූකම්පනයෙන් මිනිස් ජීවිත හෝ දේපළ හානි සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති අතර, අදාළ බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතින බව සඳහන් වේ.
