Trending Newsඑසැන පුවත්දේශීය

එලඹෙන 2026 වර්ෂයේ නිවාඩු දින මෙන්න

එලඹෙන 2026 වසරට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබේ. .

ඒ අනුව 2026 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් සහ මැයි මාසවල වන අතර එම නිවාඩු ගණන 4කි.

2026 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය අප්‍රේල් 14 වන අඟහරුවාදා දිනට යෙදී තිබේ.

තවද වෙසක් පුන් පොහෝ දිනය මැයි 01 වනදා දිනටත් නත්තල් දිනය දෙසැම්බර් 25 වැනි සිකුරාදා දිනටත් යෙදී ඇත.

ජනවාරි 03 සෙනසුරාදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 15 බ්‍රහස්පතින්දා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 01 ඉරිදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 04 බදාදා –  නිදහස් සමරු දිනය
පෙබරවාරි 15 ඉරිදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු 02 සඳුදා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු 21 සෙනසුරාදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල්  01 බදාදා  – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල්  03 සිකුරාදා  – මහ සිකුරාදා දිනය
අප්‍රේල්  13 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල්  14 අඟහරුවාදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි 01 සිකුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි 01 සිකුරාදා – ලෝක කම්කරු දිනය
මැයි 02 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
මැයි 28 බ්‍රහස්පතින්දා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
මැයි 30 සෙනසුරාදා – අධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජුනි 29 සඳුදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි 29 බදාදා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 26 බදාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
අගෝස්තු 27 බ්‍රහස්පතින්දා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 26  සෙනසුරාද –  බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 25 ඉරිදා –  වප් පුර පසළොස්වක පෝය දිනය
නොවැම්බර් 08 ඉරිදා –  දීපවාලි උත්සව දිනය
නොවැම්බර් 24 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 23 බදාදා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 සිකුරාදා – නත්තල් උත්සව දිනය

ඉහත සඳහන් රජයේ නිවාඩු තැපැල්, රේගු හා කාලගුණවිද්‍යා යන දෙපාර්තමේන්තුවලට ද ලැබේ.

රජයේ නිවාඩු දිනයන් පිළිබඳ වෙනස්වීම් ගැසට් නිවේදනයක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

පුර පසළොස්වක පෝය නිවාඩු දින පෝය කමිටුව මගින් අනුමත කර ඇත.  මෙකී දින සියලුම සේවකයන්ට බලපාන පොදු නිවාඩු දින වේ.

Related posts

64 suspects arrested for having links with NTJ further remanded

Mohamed Dilsad

Human Elephant Conflict – Sixty five elephants killed in Anuradhapura

Mohamed Dilsad

அமெரிக்க பத்திரிகை மீது பிரியங்கா வழக்கு…

Mohamed Dilsad

Leave a Comment