Trending Newsඑසැන පුවත්දේශීය

තරුණයෙක් උස්සා පොළොවේ ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්

පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු උස්සා පොළොවේ ගැසීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් භෞතික විද්‍යා ටියුෂන් ගුරුවරයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් කර ඇතැයි වාර්තා වේ.

පහරකෑමට ලක් තරුණයාගේ වෙළඳසැල ඉදිරිපිට මෝටර් වාහනයක් ගාල් කිරීම හේතුවෙන් ඇති වූ සුළු ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවත්, පහරකෑමට ලක්වූ තරුණයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීයවලට තුවාල සිදුවීම හේතුවෙන් ඔහු රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

කලල්ගොඩ, පන්නිපිටිය මාර්ගයේ වෙළඳසැලක් ඉදිරිපිට ටියුෂන් ගුරුවරයාට අයත් සුදුපැහැති මෝටර් රථය නවතා ඇත. 

එය ඉවත් කරගන්නා ලෙස වෙළඳසැල් හිමියා විසින් කළ දැනුම් දීමකට උරණ වූ මෝටර් රථයේ හිමිකරු වන උපකාරක පන්ති ගුරුවරයා, එහි සිටි තරුණයෙකු උස්සා පොළොවේ ගසා ඇති බව CCTV දර්ශන මගින් තහවුරුව තිබේ.

පහරකෑමට ලක්ව ඇත්තේ මංගල උත්සව සැලසුම්කරුවෙකු වන ලසන්ත නැමැති තරුණයෙක් බව වාර්තා වේ.

Related posts

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර අනතුරකින් 05ක ට තුවාල.

Editor O

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි.

Editor O

Leave a Comment