Trending Newsඑසැන පුවත්දේශීය

කොරෝනා කාලයේ ආර්ථික අර්බුදය තිබියදී, රට වට්ටන්න මාලිමාව වැඩ කළ ආකාරය, වත්මන් විපක්ෂය ආදර්ශයට ගත යුතුයි ….! – ප්‍රසාද් සිරිවර්ධන….

වර්තමාන විපක්ෂය තමන් විපක්ෂයේ සිටිය දී කටයුතු කළ ආකාරය දෙස ඇස් ඇර බලා ඉගෙනගත යුතු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ජනාධිපති අනුර දිසානායක සුනාමිය අවස්ථාවේ ද අනතුරුව 2016 ගං වතුර අවස්ථාවේ බියගමට පැමිණ ශ්‍රමදානවලට එකතු වූ බවයි.

ඊට පිළිතුරු දෙමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ එතෙක් බෙහෙතක් සොයා නොගත් කොවිඩ් වසංගතයෙන් බැට කමින් ලෝකයම අසරණ වූ අවස්ථාවක ජවිපෙ විපක්ෂයේ සිට කටයුතු කළ ආකාරය අධ්‍යයනය කිරීමෙන් ව්‍යසනයක දී බලය ලබාගැනීමට කටයුතු කරන ආකාරය උගත හැකි බවයි.

කොවිඩ් වසංගතය පසුපස ආ ආර්ථික අර්බුදය සමනය කරගැනීමට කටයුතු කරනු වෙනුවට ඒ අවස්ථාවේ රටට ඩොලර් පැමිණි එකම මාර්ගය වූ ඇඟළුම් කම්හල් වසා ගැනීම දැමීම සඳහා එවක විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුවේ නායකයන් කටයුතු කළ ආකාරය ඒ අවස්ථාවේ වර්තමාන විපක්ෂය උගත යුතු විපක්ෂ භූමිකාව බව ද ප්‍රසාද් සිරිවර්ධන පෙන්වා දුන්නේය.

මහින්ද ජයසිංහ සහ ප්‍රසාද් සිරිවර්ධන මේ බව සඳහන් කළේ ඊයේ (23) දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

Related posts

2020 ஒலிம்பிக் போட்டிக்கான டிக்கெட் விலை 43 லட்சம் ரூபா

Mohamed Dilsad

President arrives in Seoul for 3-day State visit to South Korea

Mohamed Dilsad

අංගොඩ ලොක්කාගේ කල්ලිය උපයා ඇති දේපළවල වටිනාකම හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment