Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ලිබියානු යුද හමුදාපතිවරයා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගිය බව විදේශ මාධ්‍ය සඳහන් කරයි. .

හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියේය. අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් තිබේ.

අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස්වීමට උත්සහ දරා තිබුණි.

කෙසේ නමුත් යානය ඊට පෙර අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. සිදුවීම සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

හමුදාපතිවරයා තුර්කිය වෙත පැමිණ ඇත්තේ, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධව වන ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහාය.

අල් හඩාඩ්ගේ අභාවය සම්බන්ධව තෙදින ශෝක කාලයක් නම් කළ ලිබියානු රජය ඔහුගේ අභාවය රටට සිදුවූ විශාල පාඩුවක් ලෙස නම් කර තිබේ.

Related posts

Gazette Notification on Election in 3 Provincial Councils to be issued in October

Mohamed Dilsad

ජනපති ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

ரூ.160 கோடி பட்ஜெட்டில் உருவாகும் எம்.ஜி.ஆர் படம்

Mohamed Dilsad

Leave a Comment