චීනය සහ ඉන්දියාව අතර සහයෝගීතාවය සහ යහපත් සබඳතා ගෝලීය දකුණේ හඬක් නැත්තන් වෙනුවෙන් නැගෙන හඬ තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි විශ්වාස කරන බව මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ‘New Blueprint New Horizon’ නමින් චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම එළිදැක්වීම සඳහා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති උත්සවයක් සඳහා එක්වෙමිනි.
ගෝලීය දකුණ මේ වන විට අත්කරගනිමින් පවතින ප්‍රගතිය දැකීම අප සැමට සතුටක්… ජාත්‍යන්තර ප්‍රජාවේ වඩාත්ම ජනාකීර්ණ ජාතික රාජ්‍යයන් දෙකක් වන චීනය සහ ඉන්දියාව අතර සහයෝගීතාවය හා යහපත් සබඳතා, ගෝලීය දකුණේ හඬක් නැත්තන් වෙනුවෙන් නැගෙන හඬ තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව අපගේ අවංක විශ්වාසයයි,” යැයි ප්‍රේමදාස මහතා පැවසීය.
“ගෝලීය දකුණට ධනාත්මක රැඳීමක්, ජාත්‍යන්තර සහ දේශපාලන න්‍යාය පත්‍රය සැලසුම් කිරීමේදී ධනාත්මක පැවැත්මක් ඇති බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර දේශපාලන පිළිවෙලෙහි වෙනස්කම් හා පරිවර්තනය වීම් අත්‍යවශ්‍ය බවද,” ඔහු තවදුරටත් පැවසීය.



