Trending Newsඑසැන පුවත්දේශීය

පරිචයක්, දැනුමක් නැති අයයි, දැන් ආණ්ඩු කරන්නේ | ඒ නිසා කිචවෙනවා- මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

වත්මන් ආණ්ඩුව කරන පිරිස බලයට පත්වන විට ඒ සඳහා පරිචයක් තිබූ පිරිසක් නොවන නිසා ඔවුන් කිච වීම තේරුම් ගැනීම දුෂ්කර දෙයක් නොවන බව වත්මන් ආණ්ඩුව පත්කර ගැනීම සුවි⁣ශේෂ මෙහෙයක් කළ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, තම අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

“මේ ආණ්ඩුව බොහොම කිච වෙන බවක් තමයි පේන්නේ. ඒක තේරුම් ගැනීමට දුෂ්කර දේකුත් නෙමෙයි. අපි දැනගත යුතුයි මේ ආණ්ඩුව බලයට පත්වන විට මේ ආණ්ඩුව කරන අය ආණ්ඩුකරණය සඳහා එතරම් පරිචයක් තිබුණ අය නෙමෙයි.

මේ ආණ්ඩුවට රාජ්‍ය බලය ලැබීම අහඹු තත්ත්වයක්. ඒ අය ආණ්ඩු බලය ලබා ගන්න සූදානමින් සිටියෙත් නෑ. අවුරුදු දෙක තුනකට කලින් එයාලත් හිතුවේ නෑ, ඉක්මනින් ආණ්ඩු බලය ලැබෙයි කියලා. 2023 වගේ කාලේ තමයි ඒ අය ටිකක් සූදානම් වුණ බව පේන්නේ. ආණ්ඩුකරණය සඳහා විශාල සූදානමක් තිබුණේ නෑ. ඒ අය දැන් ආණ්ඩුකරණය ඉගෙන ගන්නවා.

කෙනෙක් අහන්න පුළුවන් මහජනයා සමග එහෙම අත්හදා බැලීම් කරන්න පුළුවන් ද කියලා. කරන්න දෙයක් නෑ. මහජනයා ඒ අය තෝරාගත්තා. ඒක මහජන තීන්දුව.”

Related posts

கார்த்தியுடன் இணையும் ஜோ…

Mohamed Dilsad

ஆனந்த தேரர் காலமானார்

Mohamed Dilsad

විමල්ට නොතීසි – අසනීපය ගැනත් විස්තර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment