Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ග ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදය මේ මස 22 වන දින දහවල් 12.00 සිට වෙනස් කිරීමට සැලසුම් කර ඇත..

නව ක්‍රමවේදය අනුව, සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශ වන වාහන කෙරවලපිටිය අන්තර් හුවමාරුව(KIC 1) මඟින් ප්‍රවේශපත්‍ර ලබා නොදෙන අතර ඒ වෙනුවට කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදි සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශපත්‍ර නිකුත් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි..

පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කිරීමේදී, කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවීමේ රිසිට්පත සහ නැවත නිකුත් කරනු ලබන ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද මේ සමග අහෝසි කර ඇත.

කෙරවලපිටිය හුවමාරුවෙන් (KIC 2) පිටවන වාහන සඳහා පමණක් පිටවීමේ රිසිට් පත් නිකුත් කිරීම පෙර පරිදිම සිදු කරන බව අමාත්‍යාංශ දැනුම් දී තිබෙනවා.

ඒ අනුව නව ක්‍රමවේදය යටතේ

🛑 කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදී සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශපත්‍ර ලබා ගත යුතුයි.

🛑 ⁠පිටත වටරවුම් මාර්ගයෙන් පැමිණෙන වාහන කටුනායක අධීවේගි මාර්ගයට ඇතුළු වීමේදී ප්‍රවේශපත්‍ර ලබාගැනීමකින් තොරව පිවිසිය හැකි වන අතර කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවන වාහන සඳහා පිටවීමේ ගාස්තු ගෙවා අධිවේගි මාර්ගයෙන් පිටවිය හැකියි.

🛑 ⁠ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදි පමණක් එම පහසුකම ලබා ගත හැකි අතර ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවන රථවාහන පිටත වටරවුම් මාර්ගයට ඇතුළු වීමේදී ගාස්තු ගෙවා යන මංතීරූ වලින් ඇතුළු වීමට කටයුතු කළ යුතු වනවා.

Related posts

අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

SLFP Ministers who voted against Prime Minister resigns from their portfolios

Mohamed Dilsad

Premier summons Vijayakala to Colombo over LTTE remarks

Mohamed Dilsad

Leave a Comment