Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කිලෝ 6000ක බර ගෙනයා හැකි, මිනිසුන් රහිත ගුවන් යානයක්

මිනිසුන් රහිත ගුවන් යානයක් (UAV) සිය මංගල පියාසැරිය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 11) සම්පූර්ණ කළ බව එහි නිමැවුම්කරු වන චීනයේ Aviation Industry Corporation (AVIC) පවසයි.

එම ගුවන් යානය  “ජියුටියැන්” (Jiutian) ලෙස නම්කර ඇති අතර එය වයඹදිග චීනයේ ශාන්ෂි (Shaanxi) පළාතෙන් ගුවන්ගත කර තිබිණි.

පොදු කාර්ය සඳහා දේශීයව නිපදවූ  මේ ගුවන් යානය, දිගින් මීටර් 16.35 ක් වන අතර, එහි පියාපත් විහිදුම මීටර් 25 කි.

මෙම ගුවන් යානය උපරිම ගුවන්ගත කිරීමේ බර ටොන් 16ක් වන අතර, එහි බර පැටවීමේ ධාරිතාව කිලෝග්‍රෑම් 6,000 කි.

මෙම යානයට පැය 12ක් පුරාවට කිලෝමීටර් 7000ක දුර පරාසයක් ගමන් කළ හැකි බව AVIC කියයි.

2024දී එළිදැක්වුණු මෙම යානය, ප්‍රවාහනය, ගුවනින් භාණ්ඩ හෙළීම, තොරතුරු ලබාගැනීමට සහය වීම හා හමුදා ප්‍රහාර වැනි විවිධ මෙහෙයුම්වල ඉල්ලීම් සපුරාලීම වැනි කාර්යයන් රැසක් සඳහා යොදාගත හැකි බව පැවසේ.

Related posts

தாய்லாந்து குகைக்குள் சிக்கிய சிறுவர்கள்

Mohamed Dilsad

Showers, thundershowers expected over most parts of the island – Met. Department

Mohamed Dilsad

எமில் ரஞ்சன் எதிர்வரும் 08ம் திகதி வரையில் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment