Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආපදාවෙන් බිඳ වැටුණු ව්‍යාපාරයක් යළි ගොඩනගන්නේ කෙසේද…? – ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගෙන් උපදෙස්

අපදාවෙන් හානිවූ පත් කර්මාන්තත යළි ගොඩනැගීම සඳහා ණය සහ ණය ගෙවීමේ සහන ඉල්ලුම් කිරීමේදී දැඩි අවබෝධයෙන් කටයුතු කළ යුතු යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මුදල් ලබා ගැනීම තුළින් පමණක් කර්මාන්තය නගා සිටුවීමට හැකිය යන ආකල්පයේ පසුවීම මගින් ව්‍යවසායකයන්ට විවිධ ගැටළු මතුවිය හැකි බැවින් මුදල් නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම මෙවැනි අවස්ථාවක ඉතා වැදගත් වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

සිදුව ඇති හානිය මුදලින් තක්සේරු කළ හැකි නමුත් කර්මාන්ත ගොඩ නැගීමේදී මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බැවින් මානව සම්පත, කුසලතා සහ නව ව්‍යාපාරික අවස්ථා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මගින් සංවිධානය කරන ලද ආපදාවෙන් පීඩාවට පත් ව්‍යවසායකයන් යළි නගා සිටුවීම සඳහා වන වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් මධ්‍යම පළාතේ කර්මාන්තකරුවන් නගා සිටුවීම සඳහා වීරියෙන් යළි නැගිටිමු යන මැයෙන් කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ අධිපති තුසිත විජේසේන මහතාගේ සංකල්පයක් මත එම ආයතනයේදී අද (20) මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මුදල් පමණක් ලබාදීම තුළින් කර්මාන්තය ගොඩනැගීමට වඩා ආපදාවෙන් හානියට පත් සිය කර්මාන්ත සඳහා ඉදිරියේදී වැදගත් වන්නේ කුමන උපකාරයන් ද යන්න පිළිබඳව බැංකුවලින් උපදෙස් ලබා ගන්නා ලෙස ඒ මහතා කීවේය. ණය ලබා ගැනීම පමණක් නොව ව්‍යාපාර අවස්ථා, උපදෙස්, දැනුවත් කිරීම් සහ ්‍ව්‍යාපාර රක්ෂණ අවස්ථා ආදියෙන් බැංකු හා මූල්‍ය ආයතන සමන්විත යැයි ද හෙතෙම කීවේය.

නාය යම් හා පස් කඳු පෙරළීමෙන් විනාශ වූ නිවාස පිරිසිදු කිරීම සඳහා රජය ලබාදෙන රුපියල් 25000 මුදල යළි රජයට ලබා දුන් පිරිස් රැසක් සිටින බව කී ඒ මහතා මුදල් ලබාදීම තුළින් පමණක් මෙම ව්‍යසනයෙන් ගොඩනැගීමට නොහැකි බව කීවේය. ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් වූ නමුත් බොහෝ රටවලට මෙවැනි ව්‍යසනයන් නිරන්තරයෙන් අත්දැකීමක් වී ඇති බවද ඒ මහතා කීවේය.

හානියට පත් කර්මාන්ත යළි ගොඩ ගැනීම සඳහා සියයට තුනේ පොළියට ණය ලබාදීම සහ ණය සහන, පොළී රහිත ණය මාස 03ක සහන කාලයක්, සියයට 09 පොළියට ණය ආදී වශයෙන් සහන රැසක් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් රජය ලබාදී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ලංකා බැංකු මහ කළමනාකරු වයි. ඒ. ජයතිලක, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, යන මහත්තුරු ඇතුළු වාණිජ බැංකුවල විධායක නිලධාරීන්ද, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ උදාර කොන්සිවක්ත, කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මාධව ජයසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ.

නදීක දයා බණ්ඩාර

Related posts

Minister Patali orders to remove unauthorised structures blocking flood in suburbs

Mohamed Dilsad

ஹெரோயின் மற்றும் கைக்குண்டு ஒன்றுடன் நபரொருவர் கைது

Mohamed Dilsad

சமிந்த எரங்கவின் பந்து வீச்சு சட்டரீதியானது

Mohamed Dilsad

Leave a Comment