Trending Newsඑසැන පුවත්දේශීය

ගංජා චෝදනාවෙන්, මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය වෙලා ; එම පුවත් පළ කළ විද්යුත්, මුද්‍රිත මාධ්‍ය වරප්‍රසාද කමිටුවට කැඳවන්න – ශාන්ත පද්ම කුමාර කතානායකගෙන් ඉල්ලයි

තමන් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදී  ගංජා පිළිබඳ චෝදනා කරන ලද්දේ සූරියකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොලොන්න ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්‍රීවරු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමගින් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවද පැවසූ ඔහු ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙම අසත්‍ය තොරතුරු පළ කරන ලද සමාජ ජාලා, ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය පුවත්පත් ඇතුළු සියල්ල වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසත් ඔහු අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Related posts

London to host new Athletics World Cup

Mohamed Dilsad

ජනරජ පෙරහැර අද පස්වරුවේ

Mohamed Dilsad

Flight diverted to Chennai as Sri Lanka closes airspace

Mohamed Dilsad

Leave a Comment