Trending Newsඑසැන පුවත්දේශීය

අනතුර සිදුවන අවස්ථාවේ, ආචාර්යය අශෝක රංවල මත්පැන් පානය කර නොසිටි බව ඇමති විජිත හේරත් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතා අනතුර සිදු වූ අවස්ථාවේ කිරිපත්ගොඩ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලද්දේ තත්වය අසාධ්‍ය යයි වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද නිර්දේශනා මත බව අමාත්‍ය විජිත හෙරත් මහතා සඳහන් කරයි.

එනිසා ඒ මොහොතේ පොලිස් නිලධාරියට එම ස්ථානයට ම ගොස් මන්ත්‍රීවරයා බීමත්කමින්දැයි පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු පැවසීය. 

පොලිස් නිලධාරීන් කිරිබත්ගොඩ රෝහලට යද්දී රන්වල මහතා කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් තිබූ බවත් අනතුරුව පොලිසිය කොළඹ ජාතික රෝහලටද ගොස් තිබූ බවත් ඔහු කියා සිටි.

අනතුර සම්බන්ධ ඉදිරි නඩු වාරයේදී අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හා තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම යන චෝදනාවලට අනිවාර්යෙන්ම රන්වල මහතා වැරදිකරු වනු ඇති බවත් පැවසූ ඔහු බීමතින් නොසිටි බවට තහවුරු වනු ඇති බව තමනට විශ්නාස බවත් පැවසුවේය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී හෙතෙම ඒ බව කීවේය.

Related posts

அனைத்துப் பாடசாலைகளுக்கும் நாளை விடுமுறை

Mohamed Dilsad

தீவிரவாதிகளுக்கு 1 மணி நேரம் அவகாசம் கொடுத்த பொலிஸாருக்கு எதிராக நடவடிக்கை

Mohamed Dilsad

සෞඛ්‍ය ඇමතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment