Trending Newsඑසැන පුවත්දේශීය

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

මුදල් විශුද්ධිකරණ, විමර්ශනයකට අදාළව ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වාා, විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (11) නියෝග කාළ්ය.

පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගම, හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්, ජෙප්රි ඇලෝසියස්, කසුන් පලිසේන, පි.එම්.ගුණවර්ධන, මුත්තු රාජා සුරේන්ද්‍රන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අජාන් ගාර්දිය පුංචිහේවා යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිට නොමැත.

.එම සැකකරුවන් වහා, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා එහිදී  ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් යළි විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන්කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය. ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ලබන මැයි මස 21වනදා කැඳවන ලෙසත් නියම කළේය.

Related posts

Craig undergoes surgery for Bond set injury

Mohamed Dilsad

சர்வதேச சிறுவர் தினத்தில் தம்புள்ளை பகுதியில் பதிவாகிய சம்பவம்…

Mohamed Dilsad

අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයි

Mohamed Dilsad

Leave a Comment