Trending Newsඑසැන පුවත්දේශීය

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි කහ ඇනකොණ්ඩා අතුරුදන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිටි කහ ඇනකොණ්ඩා පැටවෙකු අතුරුදන් වී ඇති බවට සත්වෝද්‍යාන නිළධාරින් විසින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. 

මෙරට කාන්තාවක විසින් පසුගිය සැප්තැම්බර් මස 12 වනදා තායිලන්තයේ සිට නීති විරෝධීව මෙම කහ ඇනකොණ්ඩාව ඇතුළු සර්ප විශේෂ තුනකට අයත් සර්පයින්  6 දෙනෙකු මෙරටට රැගෙනවිත් තිබුණි.

පසුව එම සත්ත්වයින් කටුනායක ගුවන් තොටුපළ රේගුව භාරයට ගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දෙන ලදී.

ඒ අනුව එම සත්ත්වයන් 6 දෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර අදාළ කාල සීමාවෙන් පසු මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කසුන් හේමන්ත සමරසේකර පසුගියදා ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පැවසුවේ මෙම කහ ඇනකොණ්ඩාව දකුණු අමෙරිකාව නිජබිම කරගත් බරින් වැඩිම සර්ප විශේෂයක් බවයි.

එමෙන්ම මෙම අතුරුදන් වී ඇති කහ ඇනකොන්ඩාවා මීට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නොසිටි බවත් ඔහු  සඳහන් කළේය.

Related posts

சந்தர்ப்பத்தை கையாளும் சமரச சாதூரியம்!!!

Mohamed Dilsad

කොවිඩ් ණය සහන තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

බන්ධනගාර වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment