Trending Newsඑසැන පුවත්දේශීය

ආපදා සහන සේවාවලදී, ආණ්ඩුවේ දේශපාලකයින්ගෙන්, ග්‍රාම නිලධාරීන්ට බලපෑම්

ආපදාවෙන් විපතට පත් වු ජනතාවට සහන සැළසීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුවේ දේශපාලකයන් බලපෑම් කරන බව, ග්‍රාම නිලධාරීන් සඳහන් කරති. රාජකාරිය ස්වාධීනව ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ග්‍රාම නිලධාරීන් සඳහන් කරති.

දේශපාලන බලපෑම් තවදුරටත් පැවතුනොත් අකමැත්තෙන් වුවද වෘත්තියේ ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

රට පුරා ආපදා සහන කටයුතුවල නිරතව සිටින ග්‍රාම නිලධාරීන්ට, ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයෙන්, විවිධ ආකාරයේ දේශපාලන බලපෑම් එල්ලවීම නිසා ඔවුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව ද එම සංගමය සඳහන් කරති. .

තවදුරටත් ස්වාධීනව කටයුතු කරන ග්‍රාම නිලධාරීන්ට බාධා සිදුකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය.

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් තම සේවය ස්වාධීනව ඉටුකිරීම සඳහා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළද ආණ්ඩුවේ දේශපාලනඥයන් ඒ සඳහා දැඩි බලපෑම් එල්ල කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය

Related posts

மாகாண சபைத் தேர்தல்கள் உடனடியாக நடத்தப்பட வேண்டும்- பெஃப்ரல் அமைப்பு

Mohamed Dilsad

இலங்கை மற்றும் சீனாவிற்கு இடையே மூன்று உடன்படிக்கைகள்

Mohamed Dilsad

අණ නොතකා ගෙන්වූ කෝටි 1000 ක සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි

Mohamed Dilsad

Leave a Comment