Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම බස්නායක නිලමේ තෝරා ගැනිමේ නිලවරණය හෙට

ඓතිහාසික  රුහුණු  මහා කතරගම  දේවාලයේ  13 වැනි බස්නායක  නිළමේවරයා තෝරා ගැනීමේ නිලවරණය හෙට (09) මොණරාගල  දිස්ත්‍රික්  ලේකම්  කාර්යාලයේ  දි පෙරවරු  10ට බෞද්ධ  කටයුතු  කොමසාරිස් වරයා ගේ අධික්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

මේ වන විට දෙවිනුවර  මහා විෂ්ණු  දේවාලයේ  බස්නායක  නිළමේ තිළිණ  මධුසංඛ  මහතා  කතරගම වැඩ බලන බස්නායක  නිළමේ සේවයේ සිටින  අතර ඔහුද  නිළවරණයට  ඉදිරිපත් වේ.

කතරගම  දේවාලයේ  බස්නායක  නිළවරණය සදහා ඡන්ද දායකත්වය  සදහා ඇත්තේ කතරගම  වැඩසිටි  කන්ද  රාජමහා  විහාරය ,කතරගම  කිරිවෙහෙර  රාජමහා  විහාරය , ශ්‍රී  අභිණවාරාම විහාරය, සෙල්ල කතරගම  මහාසෙන් රාජමහා  විහාරය , කතරගම  දේවාලයේ  වැඩ බලන  බස්නායක  නිළමේ, බිබිළ  කොටබෝව කුඩා කතරගම  දේවාලයේ  බස්නායක  නිළමේ වරයාගේ සහ මොණරාගල  දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය  ලේකම් වරුන් 11  දෙනාගේ ඡන්ද  17  තුලින්ය.

කතරගම  දේවාලයේ  නිර්මතෘ වු දුටුගැමුණු  මහා රජතුමා  දේවාලය  ස්කන්ධය  දෙවියන්ට පුජා කර ප්‍රථම  නිළමේ වරයා ලෙස තම මාමාණඩියකු ( මහා බේත්මේ) පත් කළ බව ඉතිහාස කතා වල සඳහන් වෙයි.

මෙම නිළය පාරම්පරික  පැවත පැමිණි  අතර 1921 දි බි.ජි.උල්විට බණ්ඩාරනායක  නිළමේ වරයාගෙන් පාරම්පරික  පැමිණි  නිළමේ තනතුර  නිමාවිය.

රට අත්පත් කරගෙන සිටි ඉංග්‍රීසින් දේවාල විහාර නින්දගම්  පාලනය සදහා පනතක් සම්මත  කරගත් අතර ඔහුගේ  අභිමානය  පරිදි  පුද්ගලයකු තෙරා පත් කර ගැනීමට  ක්‍රියා කෙරිණි.

ඒ අනුව රජයේ නියෝජිතයන් ලෙස ප්‍රාදේශීය  ලේකම් වරුන් වෙත  (අතිීතයේ ගම්මුලාදෑනි) ඡන්දය  දිමට පියවර ගෙන තිබේ

ඒ අනුව  13 වැනි බස්නායක  වරයා තෝරා පත් කර ගැනීම  හෙට සිදුවේ.

Related posts

Arms Depot Blast in Syria’s Idlib Province Cost 39 Lives

Mohamed Dilsad

Delhi Capitals close in on IPL Final

Mohamed Dilsad

Showers will be expected today

Mohamed Dilsad

Leave a Comment