Trending Newsඑසැන පුවත්දේශීය

ආපදා හේතුවෙන් මානසික පීඩනයට පත්ව සිටීනම් 1926 අමතන්න

ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

ආපදා තත්ත්වයකින් පසුව එය අපේ මනසට ඍජුවම බලපෑම් කළ හැකි බවත් ඒ හේතුවෙන් ජනතාව තුළ මානසික පීඩනය ඇති වීම සුලබව දැකිය හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය..

එවැනි පීඩනයකට ඔබ ලක්ව සිටින්නේ නම් ප්‍රථමයෙන් ගැටලුව හඳුනා ගත යුතු අතර පසුව එම ගැටලුවට කුමක් කළ යුතු ද යන්න විසඳුම හඳුනා ගත යුතු බවද හෙතෙම කීවේය.

එමෙන්ම යම් කෙනෙකු මෙම තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්නම්  ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍යය උපදෙස් ලබා ගන්නා ලෙසද දැනුම් දෙයි.

වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ව්‍යසනය හේතුවෙන් දරුවන් පීඩන‍යට පත්ව ඇත්නම් ඔවුන්ගේ ජීවිතය හැකිතාක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළ යුතු බවයිි.

Related posts

ஜனாதிபதி இன்று சீஷெல்ஸுக்கு விஜயம்

Mohamed Dilsad

இடைக்கால கணக்கறிக்கைக்கு ஆதரவு

Mohamed Dilsad

“National action plan for elimination of bribery and corruption” – President’s Secretary

Mohamed Dilsad

Leave a Comment