Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ගංවතුරට හසූ වූ සහල් වෙළඳපොළට එවීමේ කූට ජාවාරමක් ගැන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනාවරණයක්

ගංවතුරට හසුව මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස වෙළඳපළට සැපයීමේ ජාවාරමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ දී මෙවැනි සකසන ලද සහල් කිලෝ 1000 ක් සමග සැකකරුවන් හාරිස්පත්තුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ දී නීතියේ ‍රැහැනට හසුකර ගත් බවයි.

මෙවැනි කූඨ ව්‍යාපාර දිවයිනේ කවර හෝ ප්‍රදේශයක සිදු වන්නේදැයි සිය නිලධාරීන් විමසිල්ලෙන් පසුවන බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එවැනි ව්‍යාපාරවල නොයෙදෙන ලෙසට ඉල්ලීමක් ද ව්‍යාපාරිකයින් ගෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මෙවැනි නීති විරෝධී ක්‍රියා ගැන යම් තොරතුරක් වෙතොත් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන ඇමතුම් අංකය වන 1926 ට දැනුවත් කරන ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

Sri Lanka Cricket offers cash for stripped ground staff

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලට ගුවන් පාලම් දෙකක්

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 08 තුළ කොටස් වෙළඳපොළ විදේශ ආයෝජන අඩුවෙලා

Editor O

Leave a Comment