Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් ට දැනුම්දීමක්

ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසියෙන් උපදෙස් මාලාවක්

පොලීසිය විසින් නිවේදයක් නිකුක්කරමින් සඳහන් කරන්නේ, ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති මහගිරිදඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් මේ වන විට පවතින භූ අස්ථාවරත්වය ගැන පරීක්ෂණ කර ඇති බවය.

ඒ අනුව එම ගමන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

එම නිවේදනයේ සඳහන් පරිදි හැටන් ප්‍රවේශ මාර්ගයෙන් ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම අවධානම් තත්ත්වයක් පවතින බැවින් ශ්‍රී පාදස්ථානය වන්දනාව සඳහා ඉහළට ගමන් කිරීමේදී බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා එම ගමන් මාර්ගයේ සීමා කිරීම් කර ඇති බවද පොලීසිය පවසයි. 

එමෙන්ම ශ්‍රී පාද වන්දනාවට ආපේක්ෂා කරන බැතිමතුන් තම ප්‍රදේශයන්හි සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ගමන් මාර්ගයන් පිළිබඳ දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව ක්‍රියා කරන ලෙසට පොලීසිය ඉල්ලා සිටී.

ශ්‍රී පාද වන්දනා වාරය පසුගිය 04 වන දිනට යෙදුණු උදුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ විය. 

Related posts

Rajitha arrives at court

Mohamed Dilsad

பொய்களை நம்ப வேண்டாம் என உலகெங்கிலும் வாழும் இலங்கையர்களிடம் ஜனாதிபதி கோரிக்கை

Mohamed Dilsad

‘පැය තුනකින් අල්ලස් කොමිෂම රැස්කර ලිපි ගොනු සකසා සිතාසිත් එවලා.’ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment