Trending Newsඑසැන පුවත්දේශීය

ගුවන් මගී කාන්තාවකට කටුනායක ගුවන්තොටුපොළේදී දරු ප්‍රසූතියක්

කටුනායක ගුවන්තොටුපොළට, ඩුබායි සිට පැමිණි ගුවන් මගී කාන්තාවකට, ගුවන්තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් අද (05) උදෑසන, සිදු වී තිබේ. ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවකි.

ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද උදෑසන 6.30ට කටුනායක ගුවන්තොටුපොළ ට පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට තිබේ.

එහිදී ඇයට දරු ප්‍රසූතිය සඳහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමඟම, ඇය වහාම කටුනායක ගුවන්තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

එහිදී එම වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ.

ඉන්පසු එම මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත කටුනායක ගුවන් තොටුපොළ ගිලන් රථයක් මඟින් යොමු කිරීමට පියවර ගෙන ඇත.

Related posts

Anyone in Sri Lanka or overseas can share information with Office on Missing Persons

Mohamed Dilsad

කාණුවක වැටී සිර වී සිටි පාසල් සිසුවා මරුට

Mohamed Dilsad

A/L හා ශිෂ්‍යත්වය අගෝස්තු මාසයේ නොපැවැත්වීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment