Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන ණය වාරිකය ගැන එළඹි තීරණය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ හයවන කොටස කඩිනමින් නිකුත් කිරීමට එකඟත්වය පළ කර ඇත.

මෙම තීරණයට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න මුදලක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය. මෙම එකඟතාවයට එළඹ ඇත්තේ මුදල් අමාත්‍යාංශයේදී පැවති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේදීය.

මෙම හමුවට මෙරට සිටින විදේශ දූත මණ්ඩල, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික හවුල්කරුවන් මෙන්ම ණය සපයන නියෝජිත ආයතන ද සහභාගී වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හයවන වාරිකය මුදා හැරීමත් සමඟ, මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.082 දක්වා ඉහළ යනු ඇත.

ශ්‍රී ලංකාව ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලබා ඇති ප්‍රගතිය විමර්ශනය කිරීම සඳහා සිදු කරන ලද පස්වන සමාලෝචනයට අදාළව සාකච්ඡා කොට, ඊට අනුමැතිය ලබා දීම පිණිස විධායක මණ්ඩලය එළඹෙන 15 වැනි දින රැස්වීමට මීට පෙර සූදානම් කර තිබුණි.

මෙම සමුළුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන දෙදෙනාගේ සම සභාපතීත්වයෙන් පැවැත්විණි.

Related posts

Labour officer gets 10-year sentence for corruption

Mohamed Dilsad

பாகிஸ்தானுக்கு எதிராக ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට විශේෂ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment