දේශීයප්‍රමුඛ පුවත 2

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට විශේෂ නියෝගයක්

(UTV |ගම්පහ) – පවතින තත්වය පාලනය කිරීම සඳහා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ගමපහ දිස්ත්‍රික්කය තුළ ස්ථිර හෝ තාවකාලික පදිංචි සේවකයින් වෙත නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශේෂ නියෝගයක් කරයි.

ඔවුන් සියලුම දෙනා අද(07) පස්වරු 4ට හෝ ඊට පෙර පහත සඳහන් ස්ථාන වලට වහාම වාර්තා කරන ලෙස දැනුම් දෙයි.

එම ස්ථාන නම්,

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය
ගනේමුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට
මිනුවන්ගොඩ යකහටුව හන්දිය
වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රීඩාංගණය
නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පල්ලෙවෙල තැපැල් කන්තෝරුව අසල
මීරිගම ප්‍රධාන බස්නැවතුම්පොළ
වීරගුල පොලිස් ස්ථානය ඉදිරිපිට
යක්කල මිරිස්වත්ත ප්‍රාදේශීය සභාව අසල
මල්වතු හිරිපිටිය නෙල්ලිගහමුල්ල ඉන්ධන පිරවුම්හළ අසල
වැලිවේරිය පොලිස් ස්ථානය අසල
කිරිඳිවැල වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල
දොම්පේ පොලිස් ස්ථානය අසල
පූගොඩ පැල්පිට කණිෂ්ඨ විද්‍යාලය අසල 

Related posts

පාකිස්තානයෙන් සැමවිටම ශ්‍රී ලංකාවට සහාය – මහ කොමසාරිස්

Mohamed Dilsad

බස්නාහිරේ මෝටර් වාහන හිඟ ගාස්තු ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment