Trending Newsඑසැන පුවත්දේශීය

මාවිල්ආරුවේ කොටුවී සිටි පුද්ගලයන් 309 දෙනෙක් බේරා ගනී

ත්‍රිකුණාමලය මාවිල් ආරු වැව් බැම්මේ කොටසක් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන් 309ක් නාවික හමුදාව මුදාගත බව වාර්තා වෙයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී ගොස් තිබිණ. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දින පුරා නාවික හමුදාව විසින් අඛණ්ඩ සිදුකරමින් සිටියි. මේ වනවිට, දෙසැම්බර් 01 වනවිට ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කරගත බව සඳහන් වෙයි. එම පිරිස් ගල්කන්ද විහාරස්ථාන පරිශ්‍රය වෙත යොමු කෙරුණු අතර, නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක් මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ සූදානම්ව තබා ඇති බව පැවසෙයි. මේ අතර ප්‍රදේශයට අවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බව සඳහන්.

Related posts

இன்று முதல் தபால் ஊழியர்கள் அடையாள வேலைநிறுத்தம்

Mohamed Dilsad

ඉදිරි මාසයක කාලය කොවිඩ් පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්

Mohamed Dilsad

කාන්තාවක් සී.අයි.ඩී. ගොඩනැගිල්ලෙන් පැන මරුට

Mohamed Dilsad

Leave a Comment