Trending Newsඑසැන පුවත්දේශීය

සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම පද්ධතියව උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවය.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවය.

එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මි 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හම පැ.කි.මි 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළංද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

Related posts

තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අසත්‍ය ප්‍රචාර කරන අය පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් පැමිණිල්ලක්

Editor O

அப்துல் கலாமின் 4ஆம் ஆண்டு நினைவு தினம்; பொதுமக்கள், மாணவர்கள் அஞ்சலி

Mohamed Dilsad

World Bank praises Sri Lankan health service

Mohamed Dilsad

Leave a Comment