Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ලොකුම ප්‍රශ්නයට විසඳුමක්..! රාජ්‍ය පරිපාලන ඇමතිගේ නමට ඉදිරියෙන් ‘මහාචාර්ය’ ලෙස යොදන්නැයි සියළු ආයතනවලට චක‍්‍රලේඛයක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා වෙත කැළණිය විශ්ව විද්‍යාලය මඟින් “සම්මානිත මහාචාර්ය” යන පදවි නාමය පිරිනමා ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම පදවි නාමය 2025 ඔක්තෝම්බර් මස 14 වන දින සිට ක්‍රියාත්මක බව කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති සිල්වා මහත්මිය විසින් අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී ඇත.

ඒ අනුව, අමාත්‍ය වරයාගේ නම සමඟ මින් ඉදිරියට “සම්මානිත මහාචාර්ය” යන පදවි නාමය භාවිතා කිරීමට නියමිතය. මීට පෙර අමාත්‍යවරයා “ආචාර්ය” යන පදවි නාමයෙන් හඳුන්වා දෙන ලදි.

අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් ඒ පිළිබඳව අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන ප්‍රධානීන්ට සහ අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.

අදාල ලිපිය මෙහි දැක්වෙයි.

Related posts

ගල්කිස්ස තරුණයා ඝාතනයට තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

எனது சம்பளத்தை வீடுகள் கட்டுவதற்காக வழங்குகின்றேன் -சஜித்

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගියෙක් වාර්තා නොවේ

Mohamed Dilsad

Leave a Comment