Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගරය තුළ “මෙට්‍රෝ’ බස් සේවාව යළිත්

පොදු ප්‍රවාහනය පූර්ණ ඩිජිටල්කරණයට ලක්වීමත් සමග ආරම්භ කෙරෙන ‘මෙට්‍රෝ’ බස් සේවාව කොන්දොස්තරවරුන් රහිතව ක්‍රියාත්මක කෙරෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන මෙට්‍රො බස් රථවල සවි කර ඇති ස්වයංක්‍රිය යන්ත්‍රය භාවිත කර ඕනෑ ම බැංකු කාඩ්පතක් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම් සැලසේ.

ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා බස් රථ 200ක් ආනයනය කෙරෙන අතර එම බස් රථ ලබන වසරේ ලැබීමට නියමිතය. 

කොළඹ නගරයට තදාසන්න නගර වන කඩුවෙල, කොට්ටාව, මොරටුව ආදී නගර කේන්ද්‍ර කරගෙන මෙම බස් සේවය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙට්‍රෝ බස් සේවය කොළඹ  නගරයේ සෑම  ප්‍රධාන මාර්ගයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් හුවමාරු ස්ථානවලදී මගීන්ට වෙනත් මෙට්‍රෝ බස් රථවලට මාරුවීමේ පහසුකම් ලැබෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කෙරේ.

මගීන්ට එම බස් රථ පැමිණෙන වේලාව හා බස් රථය තිබෙන ස්ථානය ආදී සියලු තොරතුරු ලබා ගැනීමට හැකිවන පරිදි දුරකතන යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී.

පොදු ප්‍රවාහන සේවයේ සිදුකෙරෙන පූර්ණ ඩිජිටල්කරණය තුළ මගීන්ගේ ආරක්ෂාව  මෙන් ම මාර්ග ආරක්ෂාව සැලසෙන අතර ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන මෙය ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ  පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන මගීන්ට ද බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් ලබන සඳුදා (නොවැ. 24) බස්නාහිර පළාත ප්‍රධාන සෙසු පළාත්වල තෝරාගත් මාර්ග කිහිපයක ආරම්භ කිරීමට නියමිතය.

අනුර බාලසූරිය

Related posts

ඡන්දෙ තියන්න අනුර ගෙන් අලුත් යෝජනාවක්

Mohamed Dilsad

Pakistan’s Major General arrives in Minneriya to watch final mock operation

Mohamed Dilsad

“I will serve the people with or without my parliamentary seat” – Vidura Wickramanayake

Mohamed Dilsad

Leave a Comment