Trending Newsඑසැන පුවත්දේශීය

නුගේගොඩ රැළියට ජන ගඟක්….

ආණ්ඩුවට එරෙහිව විපක්ෂය දැවැන්ත ආකාරයෙන් ගොඩනැගෙමින් තිබෙන බවත්, ඉඩලැබෙන පළමු.අවස්ථාවේ ම, ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නුගේගොඩ අද (21) පැවැත්වෙන මහා ජන රැළිය අමතමින් ප්‍රකාශ කළේය.

වවැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය. ආණ්ඩුව ඇවිල්ලා කළේ පුළුවන් තරම් බදු ගහලා ජනතාව අසීරුතාවකට පත් කරන එක. බදු ගහලා බදු ගහලා දැන් කියනවා භාණ්ඩාගාරයේ ඉතිරිලා කියලා. නමුත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගියාම කියනවා මුදල් නැහැ කියලා. මොකක්ද මේ බොරුව ඒක නිසා මේ ආණ්ඩුවට එරෙහිව අද ජනතාව පෙළ ගැසී සිටිනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස විනාශ කරලා තියෙන්නේ, රටේ බුද්ධාගමට නිසි තැන ලබා දෙන්නේ නැහැ. ඒ වගේම රටේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අඩාල කරලා තියෙන්නේ. පුළුවන් තරම් බොරු කියනවා විපක්ෂය මර්දනය කරන්න උත්සාහ කරනවා. දැන් පේනවා පොලීසියත් එක්ක එකතුවෙලා විපක්ෂය මර්දනය කරන්න හදන එක. නමුත් ඉදිරියේදී මේ සියලු දෙනාටම අපේ රජයක් යටතේ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක වන බවත් මතක තියාගන්න ඕන

Related posts

President asks to submit a report on price and quality of water bottles

Mohamed Dilsad

පොතුවිල් ජනතාවගෙන් අමාත්‍ය රිෂාඩ් මැතිතුමාට ඉහළ ප්‍රතිචාරයක්(ඡායාරූප)

Mohamed Dilsad

Bookies approached 5 Captains for spot-fixing in past year – ICC

Mohamed Dilsad

Leave a Comment