Trending Newsඑසැන පුවත්දේශීය

කළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයි

කළුතර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය ට අදාළව අද (20) ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දය එකකින් පරාජය විය.

සභාවේ බලය හිමි, ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද් අයවැය ඉදිරිපත් කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතා අයවැයට බෙදීමක් ඉල්ලා සිටී අතර, එය පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා ස්ථිර කරන ලදී.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 15 ක් ද , විරුද්ධව ඡන්ද 16 ක්ද ලැබිණ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 15 අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර , සභාවේ සිටී සෙසු පක්ෂවල සියලු මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ.

Related posts

සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට 20,000 ක දීමනාවක් දෙන්න [VIDEO]

Mohamed Dilsad

අල්ලස් කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Editor O

නිරුවත් ඡායාරූප ගත් තරුණයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment