Trending Newsඑසැන පුවත්දේශීය

පුංචි වතුවල සේවකයනුත් රු 200 දීමනාව ඉල්ලයි….

අයවැයෙන් යෝජිත වතු සේවකයන්ට ලබාදෙන රුපියල් 200 දෛනික දීමනාව කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු සේවක පිරිස් සඳහා ද ඉල්ලා තිබේ.

මේ වන විටත් ඒ වෙනුවෙන් මැදිහත්වීමක් ඉල්ලා “ගාල්ල – කළුතර වතු හිමියන්ගේ සංගමය” විසින් වැවිලි කර්මාන්ත සහ යටිතල පහසුකම් අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇත.

එහිදි ඔවුන් අවධාරණය කර තිබෙන්නේ මහා පරිමාණ සමාගම් මෙරට තේ නිෂ්පාදනය සඳහා 25%ක දායකත්වයේදී ඒ ආශ්‍රිත සේවක පිරිස 87000ක් පමණ වන නමුත් කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු කර්මාන්තයට 75%ක දායකත්වයක් ලබාදෙමින් සිටින අතර සේවක පිරිස ලක්ෂ 5ක් පමණ වන බවයි.

මහා පරිමාණ සමාගම් කිහිපය වෙනුවෙන් රජයේ සහනය ලබාදීම හේතුවෙන් තමන් ඇතුළු පාර්ශ්වයන්ට අත්වෙන ඉරණමද මෙහිදි පෙන්වාදී ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි.

Related posts

මාරක රිය අනතුරුවලින් ඊයේ දිනයේ පමණක් මරණ 13 ක්

Mohamed Dilsad

තොරතුරු කොමිසම පැවරූ පළමු නඩුව විසිවෙයි

Mohamed Dilsad

නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරෙයි

Mohamed Dilsad

Leave a Comment