Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති වැය ශීර්ෂයට ඉතිහාසයේ වැඩිම මුදල 2026දී – වියදම විනාඩියට රු 21,000ක්

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කළ නමුත් ලංකා ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂය සඳහා වැඩිම මුදල ඔවුන් මෙවර අයවැයෙන් වෙන්කරගෙන ඇතැයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි..

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අයවැය විවිවාදයේදී ය..

ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලෙ වැඩියෙන්ම කතා කරපු වැය ශීර්ෂය තමයි ජනාධිපති වියදම්. තමුන්නාන්සෙලාගෙ ජනාධිපතිතුමා තමයි කිව්වෙ මේවා රුපියල් 5000 කොළ කන්නද, එක විනාඩියකට මෙච්චර යනවා, දවසකට මෙච්චර යනවා, කොහොමද මේවා වියදම් කරන්නෙ, මේ විදියට මේ රටේ මුදල් නාස්ති කරන්න මොකටද ජනාධිපති තනතුරක් හදාගන්නෙ ? එහෙම බැනපු ජනාධිපතිතුමා 2026 බිලියන 12ක් වෙන්කරගෙන තියෙනවා. ලංකා ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල. ජනාධිපතිතුමාට එක මිනිත්තුවකට වියදම් වෙනවා රුපියල් 21,000ක්. ජනාධිපතිතුමාගෙම වචනවලින් කිව්වොත් 5000 කොළ හතරක්. ඔබතුමාලා එහෙමනෙ මේ රටේ ජනතාවට කිව්වෙ ?”

Related posts

World Wildlife Day today

Mohamed Dilsad

ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙයි [PHOTOS]

Mohamed Dilsad

සයිබර් ආරක්ෂණ පනත මෙම වසරේදීම

Mohamed Dilsad

Leave a Comment