Trending Newsඑසැන පුවත්දේශීය

තනි පුද්ගල ආදායම් බදු වාර්තාව සකසා ගැනීමට උපකාරක සේවාවක්

තක්සේරු වර්ෂ 2024/2025 සඳහා එනම් 2024 අප්‍රේල් මස 01 දින සිට 2025 මාර්ති 31 දක්වා වූ කාලයට අදාල සේවානියුක්ති ආදායමක් (ප්‍රාථමික හෝ ද්විතියික) බැංකු හෝ මූල්‍ය ආයතන මගින් ආයෝජන/පොලී ආදායමක් හෝ සූර්ය ප්-ඇනල මගින් ආදායම් ලබන පුද්ගලයකු හට සරල කරන ලද තනි පුද්ගල ආදායම් බදු වාර්තාව මාර්ග ගත ක්‍රමයට ලබාදීම සඳහා ( Online) උපකාරක සේවා සැපයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර තිබෙන බව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මේ සඳහා දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය සහ නගර කාර්යාලවලට අමතරව මොරටුව මහ නගර සභාවේ සහ කඩුවෙල මහ නගර සභාවේ තාවකාලික සේවා ස්ථාන පිහිටුවා ඇති බවයි.

සරල කරන ලද තනි පුද්ගල ආදායම් බදු වාර්තාව මාර්ග ගත ක්‍රමයට තනිව සම්පූර්ණ කළ නොහැකි අය පමණක් පහත සඳහන් ලේඛන රැගෙන එම ස්ථානවෙත ගොස් උපකාරක සේවාවන් නොවැම්බර් 30 දක්වා ලබාගත හැකි බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අදාළ උපදෙස් පහතින්

Related posts

தூதரங்களின் பொறுப்பில் இலங்கை பணிப்பெண்கள்

Mohamed Dilsad

රනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂ

Editor O

පනත් කෙටුම්පත් දෙකක් සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් නම්කරයි

Editor O

Leave a Comment