Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීනියගේ, කුඩු විදුහල්පති සැමියා, පතාල සබඳකම් එකමිටට වමාරයි….

එප්පාවල කටියාව යායදහය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිට අයත් හෝටලය පිටුපස වළ දමා තිබූ  හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකකට ආසන්න වන අතර, එහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බව පොලිසිය සඳහන් කළේය. 

වැඩිදුර විමර්ශනවලදී විදුහල්පතිවරයා පාපෝච්චාරණය කර ඇත්තේ, ඩුබායිහි රැඳී සිටින ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු (ෂශී) විසින් කොස්ගොඩ සුජී නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සබඳතා පවත්වමින් සිය පුත්‍රයා සමඟ මෙම හෙරොයින් ජාවාරම සිදු කර ඇති බවයි. 

අදාළ මන්ත්‍රීවරියද නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු බවට අනාවරණය වී ඇත.

සැකකාර විදුහල්පතිවරයාගේ දෙවැනි පුත්‍රයා වන 26 හැවිරිදි හිරාන් මියුරංග බාලසූර්ය නැමැත්තාද මීට පෙර හෙරොයින් ග්‍රෑම් 21ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. 

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව හෙරොයින් තොරතුරු අනාවරණය විය.

අත්අඩංගුවේ පසුවන විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබේ

Related posts

දිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

පොලීසියේ ලෙස පෙනී සිට දේපොළ කොල්ලකෑ 10ක් අත්අඩංගුවට

Mohamed Dilsad

A special conference of the SLFP on December 04

Mohamed Dilsad

Leave a Comment