Trending Newsඑසැන පුවත්දේශීය

කටුපොල් ප්‍රවර්ධනටට ආණ්ඩුවේ අවධානය…?

ඉදිරියේදී කටුපොල් වගා කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙරට කටුපොල් වගාව තහනම් කෙරුණු අතර දැනට වගාකර තිබෙන කටුපොල් වගාව වසරකට සියයට දහය (10%) බැගින් ඉවත් කිරීමට ද ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එය සිදු කරනු ලැබුවේ මෙරට පරිසර වේදීන් හා භූ විශේෂඥයින්ගේ දැඩි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

වැවිලි සමාගම් විසින් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබේ.

කටුපොල් මෙරට වගා කිරීම සුදුසුද නැතිද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේදී විද්වත් කමිටුවක් පත් කරන ලදි.

එම කමිටුව පත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුවය.

ඊට අදාළ සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම කමිටුව සඳහා නියෝජිතයන් පත්කර ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ විද්වතුන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

වැවිලි අමාත්‍යාංශය විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ කටුපොල් වගාව සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් කමිටුවේ තීරණය පරිදි ඉදිරි කටයුතු සිදු කරන බවත්ය.

ඒ අනුව අදාළ කමිටුවේ තීරණය ලැබී ඇතැයිද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද යම් යම් කොන්දේසි මත කටුපොල් වගා කිරීම සුදුසු බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

මෙම කමිටු වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

Related posts

Irina Shayk says she “still believes in marriage” after Bradley Cooper split

Mohamed Dilsad

நாமலுக்கு அமெரிக்க செல்ல அனுமதி மறுப்பு

Mohamed Dilsad

ஸ்ரீ. சு கட்சியின் விஷேட பிரதிநிதிகள் மாநாடு இன்று(04)

Mohamed Dilsad

Leave a Comment