Trending Newsඑසැන පුවත්දේශීය

පැලවත්තේ ටිල්වින් ට ; චම්පික රණවකගෙන් බරපතල චෝදනාවක්..!

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ට රජයෙන් ආරක්ෂාව ලබා දීම දැඩි ලෙස විවේචනය කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත.

යූටියුබ් නාලිකාවක් සාකච්ඡාවකට සහභාගිවෙමින් ඒ මහතා කියා සිටියේ, “ආරක්ෂාව ලබා දී ඇති ටිල්වින් සිල්වා යනු මේ රටේ මිනිසුන් 6661ක් ඝාතනය කළ දේශපාලන ව්‍යාපාරයක සන්නද්ධ අංශයේ පුද්ගලයෙකු බවයි.”

චම්පික රණවක මහතා එහිදි වැඩිදුරටත් අවධාරණය කළේ, ටිල්වින් සිල්වා මහතා ඇතුළු එම පිරිස මේ රටේ “නොම්මර එකේ IRC කාරයන්” බවයි.

ඔවුන් ට්‍රිලියන සිය ගණනක රාජ්‍ය දේපළ විනාශ කළ බවත්, එවැනි පිරිසක් “සුදු ඇඳගෙන අද පාර්ලිමේන්තුවේ සිටින” බවත්ය.

එමෙන්ම, ජාතික ජන බලවේගය විසින් වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකරට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට “පාතාල සබඳතා” ඇතැයි චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

“ලසන්ත වික්‍රමසේකරට පාතාල සබඳතා ඇතැයි කීමට මොවුන් කවුද?” එමෙන්ම, ලසන්ත වික්‍රමසේකරට පාතාල සබඳතා ඇතැයි ආරක්ෂාව නොදුන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, කොටි සංවිධානයේ දෙවැනියා වන කුමරන් පද්මනාදන්ට ආරක්ෂාව ලබා නොදෙන්නේ දැයි ද චම්පික රණවක මහතා විමසා සිටියේය.

උපුටා ගැනීම – newshub

Related posts

Parliament to debate the Bond Commission Report and PRECIFAC Report today

Mohamed Dilsad

கிரிபத்கொடை நகரில் மூன்று விற்பனை நிலையங்களில் தீப்பரவல்

Mohamed Dilsad

Keanu Reeves had no idea he was internet’s latest obsession

Mohamed Dilsad

Leave a Comment