Trending Newsඑසැන පුවත්දේශීය

බැකෝ සමන්ගේ බිරිඳ ට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (1 ) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් සෑහීමකට පත් විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්වී නොමැති හෙයින් ඇය ඇප මත මුදාහරින බවත් මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව සැකකාරිය රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළේය. 

ඊට අමතරව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් සැකකාරිය වෙත තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.

ඉන් අනතුරුව මෙම නඩුකරය යළි ජනවාරි මස 22 වන දා කැඳවන ලෙසත් නියෝග කරනු ලැබීය.

Related posts

Watson wins as Thomas misses out on No 1 ranking

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය සඳහා, ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ සහය ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් මැදිහත්වෙයි

Editor O

விபத்துக்குள்ளான எரிபொருள் தொடரூந்தில் இருந்து எரிபொருள் சேகரித்த நபர் கைது

Mohamed Dilsad

Leave a Comment