Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවට තෑගි කළ අලි ඇතුන් දෙදෙනා, තායිලන්තයට ගෙන්වා ගැනීමට එරට රජය සූදානම් වෙයි

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද අලි ඇතුන් දෙදෙනෙකු නැවත තායිලන්තයට ගෙන්වා ගැනීම සඳහා තායි රජය ඔක්තෝබර් 28 වන දින ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව තායිලන්ත මාධ්‍ය වාර්තා කරයි.

එම අලි ඇතුන් දෙදෙනාගෙන් අයහපත් ජීවන තත්වයන් සහ අයුතු ලෙස සැලකීම් පිළිබඳ වාර්තා පළ වීමෙන් පසුව තායිලත්තම මෙම තීරණය ගෙන තිබේ.

මෙම අලි ඇතුන් දෙදෙනාගේ සුබ සාධනය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු හේතුවෙන් තමා ශ්‍රී ලංකාවේ හදිසි සංචාරයක් සිදු කිරීමට නියමිත බව තායිලන්තයේ නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍ය සුචර්ට් චොම්ක්ලින් ඊයේ ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් සඳහන් කර තිබේ.ප්ලායි ප්‍රාටු ෆා සහ ප්ලායි ශ්‍රීනාරොන්ග් යන නමින් මෙම තායි අලි ඇතුන් දෙදෙනා තායිලන්තය හඳුන්වයි.

පසුගිය වසරේ Reclaim Thai Elephant කණ්ඩායම විසින් මෙම ගැටළු මුලින්ම මතු කරන ලදී. කණ්ඩායමේ සම්බන්ධීකාරක යුවනුච් කියාටිවොන්ග් සහ සාමාජිකයින් 50 දෙනෙකු සමඟ අලි ඇතුන්ගේ දුර්වල ජීවන තත්වයන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස රජයට බල කරමින් නිල ලිපියක් ඉදිරිපත් කිරීමටද කටයුතු කෙරිණි.

මෙම සුබ සාධන කණ්ඩායම පවසන්නේ තායිලන්තය විසින් තෑගි කරන ලද අලි ඇතුන්ට අධික ලෙස වැඩ කිරීමට බල කර ඇති අතර නිසි සුභසාධන ප්‍රමිතීන් අහිමි කර ඇති බවයි. සතුන් සෑම විටම දම්වැල්වලින් බැඳ තබා පහර දී ඇති බව වාර්තා වන බවත් වඩා හොඳ ජීවන තත්ත්වයක් සහතික කිරීම සඳහා ඔවුන් වහාම තායිලන්තයට ආපසු ගෙන එන ලෙසත් ඔවුන් ඉල්ලිමක් කර ති‍බේ.

1979 දී ශ්‍රී ලංකාවට යවන ලද පළමු අලියා ප්ලායි ප්‍රාතු ෆා වන අතර ඒ වන විට ඔහුට වයස අවුරුදු 12 කි. ඔහු දැනට මහනුවර පූජනීය දළදා මාලිගාවේ වාසය කරයි.

ප්ලායි සක් සුරින් සමඟ 2001 දී ප්ලායි ශ්‍රීනාරොන්ග් ශ්‍රී ලංකාවට තෑගි කර තිබේ. ප්ලායි සක් සුරින් (මුතු රාජා) දැනටමත් තායිලන්තයට ආපසු ලබා දී ඇති අතර, ප්ලායි ශ්‍රීනාරොන්ග් කතරගම කිරිවෙහෙර දේවාලය අසල නවාතැනක රැඳී සිටින බව තායිලන්ත මාධ්‍ය වාර්තා කරයි

.-අද-

Related posts

Cabinet to convene today

Mohamed Dilsad

அரச நிறுவனங்களுக்கு உயரதிகாரிகளை நியமிக்க விஷேட குழு

Mohamed Dilsad

Adverse Weather: 4 Deaths reported from 3 Districts; 12 fishermen missing

Mohamed Dilsad

Leave a Comment