Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමේ යෝජනාවට වෘත්තීය සමිති විරෝධයක්…

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

ඔවුන් චෝදනා කරන්නේ පාසල් වේලාවන් පස්වරු 1.30 සිට 2.00 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව නිසි උපදේශනයකින් හෝ පර්යේෂණයකින් තොරව ඉදිරිපත් කර ඇති බවයි.

අද (24) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගුරු – විදුහල්පති සංගම් පැවසුවේ නොවැම්බර් 07දාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට යොමු වන බවයි.

Related posts

Egypt vows forceful response after attack

Mohamed Dilsad

ජනාධිපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

Mohamed Dilsad

කොළඹ වරායේ සේවකයන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment