Trending Newsඑසැන පුවත්දේශීය

විසර්ජන පනත් කෙටුම්පත 2026 සඳහා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

විසර්ජන පනත් කෙටුම්පත 2026 වර්ෂය සඳහා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූහ.

මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු එලඹෙන 2026 වර්ෂයට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඉදිරි ඉළක්ක පිළිබඳ කරුණු කාරක සභාවට දැනුම් දුන්හ. 

එහිදී අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාව විසින් මෙම අනුමතිය ලබා දෙන ලදී.  

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

Showery condition will further enhance – Met. Dept.

Mohamed Dilsad

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

Mohamed Dilsad

Leave a Comment