Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළිය ‘අයිස්’ ෆැක්ටරිය ගැන තොරතුරු නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නුවරඑළිය ප්‍රදේශයෙන් ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවට පැවසුණු ස්ථානය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු තහවුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කරයි.

නුවරඑළිය ස්ථානය පිළිබඳව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.

නිසි තොරතුරු සොයා ගන්නා තෙක් ඒ පිළිබඳව කරුණු අනාවරණය කිරීමට තමන් බැඳී නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ඊට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොමැති බවද මෙවැනි අවස්ථාවකදී ඉක්මනින් තොරතුරු හෙළිදරව් කිරීම විමර්ශන කටයුතුවලට බාධාවක් වීමට හැකි බවද වුට්ලර් මහතා පෙන්වා දුන්නේය.

Related posts

වන්දි මුදල ගෙවන හැටි මෛත්‍රී කියයි

Mohamed Dilsad

Usain Bolt may play football trial in Australia

Mohamed Dilsad

ටින් අංකය ගැන පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment