Trending Newsඑසැන පුවත්දේශීය

ජපානයට අගමැතිනියක් පත්වෙයි

ජපානයේ ප්‍රථම අගමැතිවරිය අද (21) දිවුරුම් දුන්නාය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව විසින් සානේ ටකයිචි මහත්මියව සිය අගමැතිවරිය ලෙස පත්කරගෙන ඇති අතර එය ජපාන දේශපාලනයේ දක්ෂිණාංශිකයට තීරණාත්මක මාරුවීමක් පෙන්නුම් කරන්නක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. 64 හැවිරිදි ඇය යකඩ ආර්යාව ලෙසද හඳුන්වනු ලබයි.

ජපන් නායිකාව වීමට ඇය ගත් තුන්වෙනි උත්සාහය මෙය වන අතර ඇය අභාවප්‍රාප්ත හිටපු අගමැති ෂින්සෝ අබේගේ අනුගාමියෙක් ලෙසද ජපානය තුළ හඳුනා ගනී.

කෙසේවෙතත් ජපන් ආර්ථිකයේ හැරවුමක් මෙන්ම ජපානය හා ලෝක දේශපාලන සබඳතා නව මාවතකට විවර වීමක් ලෙසද ඇයගේ පත්වීම අපේක්ෂා දල්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Related posts

Japanese Minister of Defence visits Lankan Naval ship ‘Gajabahu’

Mohamed Dilsad

සියළු චෝදනා වලට ඇමති රිෂාඩ් පිළිතුරු දෙයි

Mohamed Dilsad

கடுகண்ணாவ கற்பாறை வீதியில் வாகன போக்குவரத்து இடைநிறுத்தம்

Mohamed Dilsad

Leave a Comment